හැමදේම එක තැනින්

English, Tech, Programming, Web Design, Music

Total Pageviews

Thursday, August 1, 2019

Present Perfect Continuous Tense

Present Perfect Continous Tense 










කොහොමද යාලුවනේ ඔන්න අදත් ඉංග්‍රීසි පාඩමක් අරන් ආවා ඔයාලට. අද අපි කියල දෙන්න යන්නේ Present Perfect Continous Tense එක. මේක ඇත්තටම අපි භාවිතා කරන්නේ කාලයක් තිස්සේ යම් දෙයක් කරමින් ඉන්නවා නැතහොත් කාලයක් සිට යම් දෙයක් කරමින් ඉන්නවා යන අදහස ලබාදීමට,  එහෙනම් ප්‍රධාන නීති ටික අපි බලමු, 

නීති 
01. ඒක වචන වාක්‍යක් සමග has ද බහු වචනයෙන් වාක්‍යක් තනන විට have ද භාවිතා වේ. 
02. has/have වලට පසුව been ලෙසින් යෙදේ 
03. ක්‍රියාපදයට පසුව ing එකතු වේ. 


subject + has/have + been + verb + ing 

උදාහරණ 

ඇත ආකාරයෙන් 

මම වසර 5ක් තිස්සේ ගණිතය ඉගෙන ගන්නවා  - I have been studying mathematics for 5 years 

ඇය වසර 5ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා  - She has been learning English for 5 years.

ඔහු ගියේ සතියේ සිට පොත් පාඩම් කරනවා  - He has been studying since last week 

චාමර වසර 5ක් තිස්සේ ඇයගේ පෙම්වතියට ආදරය කරනවා - Chamara has been loving to his girlfriend for 5 years. 

දැනේ මේකේ නැත ආකාරයත් බලමු 

මම වසර 5ක් තිස්සේ පොත් පාඩම් කරන්නේ නෑ - I have not been studying books for 5 years. 

චාමර වසර 10k තිස්සේ ඇයට ආදරය කරන්නේ නෑ - Chamara has not been loving to her for 10 years. 

මේ විදියට ප්‍රශ්න හදන්නත් පුළුවන්, 

Has Chamara been loving to her for 10 years? 
Hasn't Chamara been loving to her for 10 years? 

Have I been learning English for 10 years? 
Haven't I been learning English for 10 years? 

එහෙනම් අන්තිමට සිංහල තේරුම නැතුව හදපු වාක්‍ය දෙකේ තේරුමත් කොමෙන්ට් එකක් දාන් යන්නකෝ. ඊලග පොස්ට් එකෙන් හමුවෙමු.!   

Tuesday, July 30, 2019

Present Perfect Tense

Present Perfect Tense




මෙය යම් දෙයක් කරලා තියෙනවා යන්න අදහස් දැක්වීමට මෙම කාලය භාවිතා කරනු ලබයි. මෙහිදී භාවිතා වෙන ප්‍රධාන නීති පහත දැක්වේ.

නීති 

01. මෙහිදී ඒක වචනයෙන් වාක්‍යක් නිර්මාණය කරන විට has ද බහු වචනයෙන් වාක්‍යක් නිර්මාණය කරනවිට have යන්න භාවිතා වේ. සරලවම කිව්වොත්,

I, We, You, They, ගොඩක් එක්ක have ද,  He, She, It, නමක්, ගමක්, නගරයක්, ස්ථානයක් සමග has භාවිතා වේ.

02. වාක්‍යය නිර්මාණයේදී ක්‍රියාපදය past participle අවස්ථාවෙන් ලිවිය යුතුය. ඒ කියන්නේ ක්‍රියාපදයක තුන්වන අවස්ථාව,

උදාහරණයක් විදියට Drink එකේ past participle වෙන්නේ Drunk.එතකොට මේකට භාවිතා කරන්න වෙන්නේ Drunk කියන එක.
එතකොට Go ගත්තොත් අපිට භාවිතා කරන්න වෙන්නේ Gone කියන එක. පොඩ්ඩක් ගූගල් එකේ සර්ච් කරලා බලන්න ඔයාලට ඕනේ තරම් ක්‍රියාපදවල past participle අවස්ථාව හොයාගන්න පුළුවන්.

03. නැත යන්න ප්‍රකාශ කිරීමේදී එය ඒක වචන වාක්‍යක් නම් has not ද එය බහු වචන වක්ස්යක් නම් have not ද යේදේ.

04. ඇත ආකාරයෙන් ප්‍රශ්න නිර්මාණය කරන විට එය ඒක වචන වාක්‍යක් නම් has මුලට යෙදේ, බහු වචන නම් have මුලට යෙදේ.

05.නැත ආකාරයෙන් ප්‍රශ්න නිර්මාණය කරන විට එය ඒක වචන වාක්‍යක් නම් has not  මුලට යෙදේ, බහු වචන නම් have not මුලට යෙදේ.

Subject + has/have + Verb(past participle)

උදාහරණ 

- මම බත් කාල තියෙනවා  - I have eaten rice
- මම බත් කාල නෑ  - I have not eaten rice
- මම බත් කාල තියෙනවද? - Have I eaten rice?
- මම බත් කාල නැද්ද? -  Haven't I eaten rice?

- ඔහු බත් කාල තියෙනවා  - He has eaten rice
- ඔහු බත් කාල නෑ - He hasn't eaten rice
- ඔහු බත් කාලා තියෙනවද? Has he eaten rice?
- ඔහු බත් කාලා නැද්ද?  - Hasn't he eaten rice?

ඉතින් ඔන්න ඔහොම තමා present perfect tense එක භාවිතා කරන්නේ. ඊලග පොස්ට් එකෙන් හමුවෙමු. !

Monday, July 29, 2019

Present Continuous Tense

Present continuous Tense

මේ Tense එක යොදා ගන්නේ වර්තමානයේ දැන් වෙමින් සිදුවන දෙයක් විග්‍රහ කිරීමටය. උදාහරණයක් ලෙස මම පොතක් පාඩම් කරමින් සිටිනවා, ඔහු දුවමින් සිටිනවා, ඇය කමින් සිටිනවා වැනි වාක්‍ය නිර්මාණය සදහා මෙම Tense එක භාවිතා කරනු ලැබේ. මෙහි ප්‍රධාන නීති පහත දක්වා ඇත

01. වාක්‍යක් නිර්මාණය කිරීමේදී ක්‍රියාපදය අගට ing ලෙසින් භාවිතා වේ.

02. ඒක වචනයෙන් වාක්‍යක් සකසන විට is භාවිතා වේ. බහු වචනයෙන් වාක්‍යක් සකසන විට Are භාවිතා වේ.

03. ඒක වචන ආකාරයෙන් ප්‍රශ්නයක් සකසන විට is යන්න ඉදිරියට යෙදේ. නැත ආකාරයෙන් ප්‍රශ්න සකසන විට is not හෙවත් isn't යන්න යෙදේ

04. බහු වචන ආකාරයෙන් ප්‍රශ්නයක් සකසන විට are යන්න ඉදිරියට යෙදේ, නැත ආකාරයෙන් ප්‍රශ්න සකසන විට are not හෙවත් aren't යන්න යෙදේ. I සමග පමණක් am යන්න යෙදේ.

05. නැත යන්න ප්‍රකාශ කිරීමට is හෝ are වලට පසුව not යන පදය යෙදේ


Subject + am/is/are + verb+ing+ object


උදාහරණ

මම බත් කමින් සිටිනවා - I am eating rice
මම බත් කකා/කමින් සිටින්නේ නෑ - I am not eating rice
මම බත් කකා/කමින් ඉන්නවද ? - Am I eating rice?
මම බත් කකා/කමින් ඉන්නේ නැද්ද - Am I not eating rice?

ඔහු වතුර බොමින් ඉන්නවා - He is drinking water
ඔහු වතුර බොමින් ඉන්නේ නෑ - He is not හෝ isn't drinking water
ඔහු වතුර බොමින්ද ඉන්නේ ? - Is he drinking water?
ඔහු වතුර බොන්නේ නැද්ද ? - Isn't he drinking water?

We are going to class
We aren't going to class
Are we going to class ?
Aren't we going to class ?


ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.

Saturday, July 27, 2019

Simple Present Tense


ඔන්න එහෙනම් කලින් දවසේ කිව්ව විදියට මම පොස්ට් එක අරගෙන ආවා. වැඩි කතා කරන්නේ නැතුව අපි එහෙනම් වැඩේට බහිමු,

Simple Present Tense අපි භාවිතා කරන්නේ මේ දැන් වෙන දෙයක් කියන්න හා ලියන්න. උදාහරහණයක් විදියට බල්ලා බත් කනවා, මම පොත් පාඩම් කරනවා. ඉතින් මේවා මේ දැන් වෙන දේවල්. හරි අපි දැන් මෙහි rules ටික බලමු

ප්‍රධාන නීති 

  • He, She, It, ඒක වචන භාවිතා කොට වාක්‍ය නිර්මාණය කරන විට වාක්‍යයේ ක්‍රියාපදය අගට s, es අකුරක් පැමිණේ. උදාහරහණ ලෙස go නම් ඒක වචන වලදී අගට goes ලෙස යෙදේ. play නම් plays ලෙසින් යෙදේ.
උදාහරණ

- ඔහු පොත් පාඩම් කරනවා  - He studies books
- සජිත් පන්සලට යනවා  - Sajith goes to Temple
- ඇය බයිසිකලයක් පදිනවා  - She rides a bicycle
- ඌ කිරි බොනවා  - It drinks milk

  • I, We, You, They, බහු වචනයක් සමග වාක්‍යක් නිර්මාණය කරද්දී වාක්‍යයේ ක්‍රියාපදය අගට S අකුරක් නොපැමිණේ. සාමන්‍ය පරිදි ක්‍රියාපදය තිබිය යුතුය.
උදාහරණ

- මම බත් කනවා  - I eat rice
- අපි කිරිබත් කනවා  - We eat milk rice
- ඔයා වතුර බොනවා  -  You drink water
- ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා  - They play Cricket

  • ඒක වචන සමග නැත යන්න සැකසීමේදී does not නැතහොත් doesn't  භාවිතා වේ. බහු වචන සමග do not නැතහොත් don't භාවිතා වේ. 
උදාහරහණ

- ඔහු  බත් කන්නේ නෑ  - He does not eat rice හෝ He doesn't eat rice
- ඇය බත් කන්නේ නෑ  - She does not eat rice හෝ She doesn't eat rice
- මම බත් කන්නේ නෑ  - I do not eat rice හෝ I don't eat rice
- ඔවුන් පන්තියකට යනවා  - They go to the class

  • ඒක වචන භාවිතයෙන් ඇත ප්‍රශ්න සකසන විට does යන්න ඉදිරියට යෙදේ. බහු වචන භාවිතයෙන් ප්‍රශ්න සකසන විට do යන්න ඉදිරියට යෙදේ.

උදාහරණ 

- ඔහු බත් කනවද? - Does he eat rice? 
- ඇය බත් කනවද?  - Does she eat rice? 
- ඌ කිරි බොනවද?  - Does it drink milk? 
- මම බත් කනවද? - Do I eat rice? 
- ඔවුන් බත් කනවද? - Do they eat rice? 

  • ඒක වචන භාවිතයෙන් නැත ප්‍රශ්න සකසන විට does not යන්න යන්න හෝ එය කෙටි කොට doesn't යනුවෙන් ඉදිරියට යෙදේ. බහු වචන වලින් do not නැතහොත් don't යනුවෙන් යෙදේ
උදාහරණ

- ඔහු බත් කන්නේ නැද්ද? - Doesn't he eat rice?
- ඇය බත් කන්නේ නැද්ද? - Doesn't she eat rice?
- ඔවුන් බත් කන්නේ නැද්ද? - Don't they eat rice?
 -අපි බත් කන්නේ නැද්ද? - Don't we eat rice?

  • ඒක වචන සමග has ද බහු වචන සමග have ද යෙදේ.
උදාහරණ 

- මට පොතක් තියෙනවා - I have a book 
- නිමේෂ්ට පැනක් තියෙනවා - Nimesh has a pen

මම ඔයාලට අද කියල දුන්න ඒවගේ මොනා හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් පොස්ට් එකකින් හමුවෙමු

Friday, July 26, 2019

What is the Tenses - Tenses කියන්නේ මොනවද?

ඉංග්‍රීසි නේද අම්මෝ නම අහද්දිත් එපා වෙනවා නේද? පොඩි කලේ ඉදන් ඉගෙන ගත්තා එත් කරගත්ත දේකුත් නෑ. නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්නේ ඉතින්. ඇත්තම කිව්වොත් ඔයාට ඉංග්‍රීසි බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි Grammar හරියට ඉගෙන ගත්තේ නැති එක. ඉතින් අපි අද ඉදන් දන්න විදියට Grammar ටික හදාගන්න උත්සහ කරමු. හරි එහෙනම් වැඩේට බහිමු

Tenses කියන්නේ කාල බේදයන් කියල කිව්වොත් නිවැරදි. ඉංග්‍රීසි භාෂාවේ ඇත්තටම කිව්වොත් Tenses 12ක් තියෙනවා. ඒත් සරලවම කිව්වොත් categories නැතුව තියෙන්නේ 3යි. 

01. වර්තමාන කාලය 
02. අතීත කාලය 
03. අනාගත කාලය 

වර්තමාන කාලය ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා, 

 - Simple Present Tense 
 - Present Continous Tense
 - Present Perfect Tense 
 - Present Perfect Continous Tense 

අතීත කාලයත් මේ විධියටම ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා 

 - Simple Past Tense 
 - Past Continous Tense
 - Past Perfect Tense 
 - Past Perfect Continous Tense 

අනාගත කාලයත් ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා 

 - Simple Future Tense 
 - Future Continous Tense
 - Future Perfect Tense 
 - Future Perfect Continous Tense 

ඉතින් ඔන්න ඔහොමයි tenses තියෙන්නේ අපිට ඉගෙන ගන්න ඉස්සරහට. එහෙනම් අපි මුලින්ම ඉගෙන ගමු වාක්‍යක් හදන විදිය. ඊලග පෝස්ට් එකේ ඉදන් මම සරල වර්තමාන කාලයේ ඉදන් ඔයාලට කියලා දෙනවා. 

වාක්‍යක් හැදෙන්නේ සාමාන්‍යයෙන් පහත ආකාරයට අනුව, 

Subject + Verb + Object + Rest 

උඩ subject කියලා කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයා, එහෙමත් නැත්තම් වාක්‍යයේ අනුව ගමක්, නමක්, නගරයක්, ස්ථානයක්, හරියටම කිව්වොත් එතනට එන්නේ නාම පදයක්. 

 - Verrb කියන්නේ නම් ක්‍රියාව. කනවා බොනවා නිදාගන්නවා ඔන්න ඔය වගේ ඒවා තමා

 - Object කියන්නේ ක්‍රියාපදය කරන්නේ මොකෙන්ද කොහොමද වගේ දෙයක්. ඔයාලට ඒක හරියටම පහත උදාහරණෙන් ඉගෙන ගන්න පුළුවන්

 - Rest කියන්නේ වාක්‍යයේ අවසාන කොටසට

මම ඔහු සමග වතුර බොනවා    - I drink water with him  

උඩ වාක්‍යයේ subject එක වෙන්නේ මම (I) කියන එක. එතකොට මේකේ Verb එක වෙන්නේ බොනවා (drink) නමැති ක්‍රියා පදය. එතකොට මෙතන object එක වෙන්නේ වතුර (water) කියන එක. Rest එක වෙන්නේ මේ වාක්‍යයේ verb එකෙන් පසු කොටස. ඒ කියන්නේ මෙතන දැන් Rest එක වෙන්නේ with him කියන එක. 

දැන් ඔයාලට මේක තේරෙන්න ඇති කියල මම හිතනවා. මොකක් හරි අවුලක් තියෙනවා නම් මගේ වැරදි තියේනම් අනිවාර්යෙන් පල්ලෙහා කොමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.